Thursday, April 26, 2012

මේ පැතුම් නුඹටමයි


සීතලට ගුලිවෙන්න වරම් මට අහිමි යැ'යි
නිදි දෙව්දු මා අතැර ගියේ අළුයමේමැ'යි
චිරි චිරිය වැහි පොදෙහි තාලයක් නොවේමැ'යි
එහෙත් සොබදම් මවුගෙ අරුමැසිය එය තමයි

කඳුලු කැට විලස වැහි බිඳිති පොලවට වැටෙයි
මද පවනෙ මුසුවෙමින් මුළු ගතම කිලිපොළයි
වෙනදාට සුවගෙනා සියොත් ගී නැති හැඩයි
එහෙත් ඇරඹෙන දිනෙහි නැවුම් සුසුවඳ දැනෙයි

තෙමුනු කුසුමන් කැකුළු සීතලෙහි පෙති හරියි
ඇහැරෙන්න බැහැ කියන අලස නෙතු සිහිකරයි
අරුණැල්ලෙ සුපෙම්බර මහරු බව තව තියෙයි
ඉතින් මේ පැතුම් පොදි සොඳුරියේ නුඹටමයි



No comments:

Post a Comment