සඳවතී අරුම රැස් මවමින් නුබ ගැබෙහි ..
තරු කැට වලින් ලිව්වා පෙම් ගී රසැති ...
දෙනුවන යොමා බැලුවොත් සඳවතී දෙසෙහි ...
මා නුඹ නමට ලියු අයුරක් දකිතහැකි ...
මද නල රහස් කියනා නෙක නෙක තුඩෙහි ...
දැක මේ ලියු පෙම් ගී හදවත සසැලී ..
කළු කැටි වලා අතුරා නිල් නුබ ගැබෙහි ...
නොදකින ලෙසින් වැසුවා ගණදුරට එබී ...
යලි නොම ලියන හින්දා මෙලෙසින් පබැන්දී ...
වියවුල් වුනෙන් කඩතිර හෙළි මේ කැටිතී ...
සුළඟින් ඇවුරු මග යනු බැරියෙන් සැඟවී ...
වැහි කඳුලක්ව වැටුනා හදවත හුනුවී ...
නෙතුපිය නොහෙල ඉන්නා සඳවතට එබී .
ලබැඳිය නුඹට පෙනුනත් මල් වැසි අසිරී ...
නුඹ තුරුලතෙහි ඉන්නා නැතියෙන් පැටලී ...
වැටෙනා කඳුළු තිබුනා වැසි දියෙහි රැඳී....