Thursday, April 26, 2012

හද මගේ ළඟ නොවේ


තරු මල් කැට දිලුනා නිදි නැති රෑ
නිල් සඳවත හැඬුවා කඳුලක් ගෑ
පෙම් මදනල මෙතුවක් මා ලඟ පෑ
දඟකාරකමට හදවත ඉවසුම් නෑ

නුඹ රුව දිසුනා නෙත අඳුනක් ගෑ
හසඟන විලසින් හද රැඟුමන් ලෑ
කඳුලක් සැලුවත්සඳවත නුබ පෑ
පිනි කැට වැටුනා ගත සිහිලක් ගෑ

මල් පොඩි දිලුනා අතු අග රූ පෑ
තුරුපත් සැලුනා සිලි සිලි ගී ගෑ
නුඹ අරගෙන ගිය හද හසරැල් ලෑ
නැතියෙන් හැඬුවා සිතිවිලි ඉකි ගෑ

No comments:

Post a Comment