Tuesday, April 24, 2012

මතකයෙන්...


රොබරෝසියා මල් අතුල බිම,
නුඹට ලංවී මදහසින්,
ගෙවූ දිනයන් තවම මතකෙකි,
කෙලෙස යන්නට දෙමි ඉතින්,

එදා සරසවි බිමෙහි හමුවී,
බැඳීලා අපි සෙනෙහසින්
ඇවිද ගිය මේ සොඳුරු මාවත
ගෑව සුවඳෙකි සිහිනෙකින්

හන්තාන කඳු මුදුන් පිසලන
මද නලෙහි දැවටී සෙමින්
නුඹේ මතකය මාව හඬවයි
මහවැලිය සේ රැලි දෙමින්

එදා අතිනත් බැන්දන් පියමං
කෙරුව මුත් විහඟුන් ලෙසින්
නුඹද මා අද දෙතැන දෙදෙනෙකි
මල් පිපී ඇත පෙරලෙසින්

No comments:

Post a Comment