Sunday, April 22, 2012

එක් රැයක සෙනෙහස


සදවත ගිලිහ ගිය මුදු දිනිඳුට ඉඩදී..
රෑ කල සිහින සුවඳය තවමත් හදෙහී...
නුඹ ළඟ ගෙවුනු ඉසිඹුව ගෙවුනද නිමවී...
යන්නට හරිනු කෙලෙසද මතකයට මිදී...

සුන්දර සකුන ගී පද හින්දා ඇහැරී...
උණුසුම නුඹේ සෙව්වා සිහිනයෙන් මිදී..
තරුකැට නිවී නව දිනයට එලඹෙද්දී...
නුඹ දුර ඇදුනු වග අදහනු බැහැ ළබැදී...

එක රෑ ප්‍රේමයෙන් දුක් දෙන කයට බැදී...
තිබුනත් සමුදෙනා බැරි උණුහුමක් රැදී...
අවසන් කෙරුම මිස සම්මතයෙහි සැඟවී...
යළි නුඹ දකින වරමක් කුමට පෙම්වතී...

No comments:

Post a Comment