මල් කැකුලු නෙතු හරින අලුයමේ තනිවෙලා..
හැඬුවාලු සුර ලියක් තනිකමයි මට කියා..
රැයේ විත් අහස කඳුලැලි හෙලූ පසුවෙනා...
තවම තනිවී කිමද කොහිද මිතුරන් සැමා...
වැසි දියෙන් තෙමුනු තුරු වදුලු දිය වගුරනා..
දුටු මතින් විත් වැටුනු සඳ කිරණ සමඟිනා..
කළු වළාකුළු ඇවිත් නැවත හෙලු කඳුලිනා...
තටු තෙමී යනු නොහැකි කමින් මෙහි නැවතුනා...
හිරු ඇවිත් නව දිනට මුදු කිරණ අතුරනා...
වියලනා තෙක් කෙලෙස ඉන්නෙ නුඹ තනියෙනා...
මා ඇසූ පැනය ලඟ නැවතුනෙන් සුරඟනා..
යනු නොහැකි ඇය මගේ හදවතේ නැවතුනා..
No comments:
Post a Comment